ස්ථානය : මෝඩයාගේ පාලම - උලපනේ.
ගුගල් සිතියම් පිහිටීම : 7.096348, 80.560965
ගම්පොල ගිය ගමන් ගියා මෝඩයාගේ පාලම බලන්න. මේක තියෙන්නේ උලපනේ ඉදන් පුස්සැල්ලාව යන පාරේ. උලපනේ ටවුමට කිලෝමීටර් 2ක් විතර දුරින්. මහනුවර දිස්ත්‍රික්කයට අයත් මෙම පාලම 1904 වසරේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සාදවන ලද බවට පිළිගැනේ.
බස් එකේ යනවනම් යන්න ඕනේ ගම්පොල ඉදන් නාවලපිටිය හෝ හැටන් බස් එකක ගිහිල්ලා උලපනෙන් බැහැල එතන ඉදන් පයින් යන්නත් පුළුවන් නැත්තන් ත්‍රීවීල් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්තන් ගම්පොල ඉදන් උලපනේ හරහා කොත්මලේ යන බස් එකක මේ තැනටම යන්නත් පුළුවන්.
මොකද මේකට මෝඩයාගේ පාලම කියන්නේ? ඒකට හේතුව තමයි සාමන්‍ය පාලමක අපි දකින පාලම දෙපැත්තෙන් ඉහලට තියන ආධාරක දෙක මේ පාලමේදී අපිට දකින්න ලැබෙන්නේ පාලමේ යටට පිහිටන ආකාරයට. ජනප්‍රවාද වලට අනුවනම් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික ඉංජීනේරුවාගේ නොදැනුවත් කම නිසා මේ ආකාරයට පාලම හදලා ඉවරවෙලා පාලම විවෘත කරණ වෙලාවේ එම උත්සව සභාවේ සිටි අනෙකුත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විහිළුවට ලක්වීම නිසා ඇතිවූ සිත් තැවුලෙන් මෙම පාලම බාරව සිටි ඉංජීනේරුවා සියදිවි නසාගත් බවයි. නමුත් සත්‍යනම් මෙම පාලම විශේෂයෙන්ම ගොඩනගන ලද්දේ තේ නිෂ්පාදන ප්‍රවාහනය කිරීමටයි එම නිසා වැඩි බරක් දරාගැනීමේ හැකියාව පාලමට ලබාදීම සදහා මෙලෙස නිර්මාණය කිරීමයි.
![]() |
මෝඩයාගේ පාලම අලුත් පාලමේ ඉදන් බලනකොට පේන විදිය. |
![]() |
ලංකරලා ගතපු ෆොටෝ එකක්. |
No comments:
Post a Comment