Thursday, 20 April 2017

දූවිලි ඇල්ල.

දිනය : 2017-04-10
ස්ථානය : දූවිලි ඇල්ල - කල්තොට. 
ගුගල් සිතියම් පිහිටීම : 6.661781, 80.865651

සිංහල අවුරුද්දට නිවාඩු ලැබිලා ගමේ ගියපු නිසා සවාරියක් යන්න කල්පනා කරා. මාතර ඉදං වැඩිය දුර නැති ඒ වගේම කලින් ගිහිල්ලා නැති තැනක යන්න හිතාගෙන කල්පනා කරලා බලනකොට තමයි මේ කියන දූවිලි ඇල්ල මතක් උනේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන මේ දිය ඇල්ල අඩි 130ක උසකින් යුක්ත වෙනවා, මේ දිය ඇල්ල පෝෂණය වෙන්නේ වලවේ ගගේ ජලයෙන්. මේ ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නේ මේ ඇල්ලේ පාමුලට වැටෙන වතුර වටේට දූවිලි වගේ විසිවෙන නිසයි.

ඉතින් උදෙන්ම ගමන යන්න පිටත් උනා, මාතර ඉදං මේ දිය ඇල්ල බලන්න යන්න පාරවල් කීපයක්ම තියනවා නමුත් අපි යන්න තීරණය කරේ මෙන්න මේ කියන පාරේ, මුලින්ම අපි මාතරින් වලස්මුල්ල හරහා ඇබිලිපිටියට ගියා, ඇබිලිපිටියෙන් රත්නපුර පාරේ රන්වල හංදිය වෙනකන් ඇවිල්ල ඒ හංදියෙන් දකුණට හැරිලා වැලිගෙපොල හරහා දූවිලි ඇල්ලට ආවා. මේ පාර තෝර ගන්න හේතුව වුනේ වාහන තදබදයක් නැතුව පොඩි පොඩි ලස්සන ගම්මාන පසු කරගෙන යන්න පුළුවන් වෙන නිසා. 

මේ දිය ඇල්ලට බලන්ගොඩ ඉදන් කල්තොට යන පාරේ දූවිලි ඇල්ල හංදියෙන් හැරිලා කිලෝමීටර් 2ක් විතර ඇතුලට යන්න ඕනේ කාර් පාර්ක් එකට ඊට පස්සේ එතන ඉදන් තව මීටර් 500ක් විතර පඩිපෙලක් බහින්න ඕනේ, මේ පඩිපෙළ බැහැල ආපහු නගින එක හරිම අමාරුයි ඒක නිසා වයසක කට්ටිය වගේම මහත කට්ටියත් යන්න කලින් දෙපාරක් හිතන්න. මේ දිය ඇල්ලෙන් නාන්න එහෙමනම් බැහැ මොකද විශාල වතුර පාරක් එනවා ඒ වගේම දිය ඇල්ල පාමුලටම යන්න පාරක් හොයාගන්නත් නැහැ. ලොකු බස් වලට වගේනම් කාර් පාර්ක් එකටම යන්න බැහැ මොකද ප්‍රධාන පාරෙන් ඇතුලට යන පාර කොඩක් පටුයි ඒ වගේම විශාල බැවුමක් තියනවා. ඒක නිසා ලොකු බස් එකක ගියොත් ටිකට් කවුන්ටරේ ලග බස් එක නවත්තල සම්පුර්ණ දුරම පයින් යන්න වෙනවා. 

ටික දුරක් ඇවිද්න්න පුලුවන්නම් ගිහිං බැලුවට පාඩු නැහැ මොකද ඒ තරන්ම ලස්සනයි මේ දූවිලි ඇල්ලඅපි කොහේ ගියත් පරිසර හිතකාමී විදියට ට්‍රැවල් කරන්න පුරුදු වෙමු. 

දූවිලි ඇල්ල එක කෝණයකින්.

දූවිලි ඇල්ල.

මෙන්න මේ දුවිලි වගේ ජලබින්දු නිසා තමයි දූවිලි ඇල්ල කියන්නේ.

දූවිලි ඇල්ල තවත් කෝණයකින්.

දූවිලි ඇල්ල තවත් කෝණයකින්.
 
දූවිලි ඇල්ල තවත් කෝණයකින්.

දූවිලි ඇල්ල තවත් කෝණයකින්.

දූවිලි ඇල්ල තවත් කෝණයකින්.

දූවිලි ඇල්ල තවත් කෝණයකින්.

දූවිලි ඇල්ල තවත් කෝණයකින්.

දූවිලි ඇල්ල බලන්න යන්න අවසර තියන අන්තිම සීමාව.

දූවිලි ඇල්ල තවත් කෝණයකින්.

No comments:

Post a Comment