Friday, 25 August 2017

කොත්මලේ මහවැලි මහා සෑය.

දිනය : 2017-08-21
ස්ථානය : කොත්මලේ මහවැලි මහා සෑය - කොත්මලේ.
ගුගල් සිතියම් පිහිටීම : 7.070793, 80.604201

නුවර ගියපු ගමන් ගියා අලුතෙන්ම ජනතා අයිතියට පත් කරපු කොත්මලේ මහවැලි මහා සෑය බලන්න. මේකට නුවර ඉදං යනකොට මාර්ග කීපයකින් යන්න පුළුවන්, අපි ගියේ මහනුවරින් ගම්පොළට ගියා ගම්පොලින් නුවරඑළිය පාරේ කිලෝමීටර් 2ක් විතර ගිහින් දකුණට හැරිලා 2වන ශ්‍රී ලංකා රයිෆල් බලකා කදවුරට යන පාරෙන් ගිහින් තමයි. එහෙම නැත්තන් මහනුවර ඉදන් ගම්පොලට ගිහින් ගම්පොලින් හැටන් පාරේ ගිහින් උලපනේ හංදියෙන් වමට හැරිලා උලපනේ - පුස්සැල්ලාව පාරේ ගිහිල්ලත් මේ සෑය බලන්න යන්න පුළුවන්. ඕනෙම වාහනයකට සෑය ලගටම යන්න පුළුවන්.

මේ සෑය සැදීමට මුල්ම අදහස අවේ දිවංගත හිටපු මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට, මොකද මේ සෑය සෑදීමේ මුලිකම අරමුණ වුනේ 1980 දශකයේ ලංකාවේ ක්‍රියාත්මක වුන මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසා විනාශ වුන නිවාස සහ මහවැලි ජලාශ වලට යටවුනු පන්සල් 50කට වැඩි ප්‍රමාණය අනුස්මරණය කිරීමේ ස්මාරකයක් ලෙසටයි.

මෙම මහවැලි මහා සෑය ලංකාවේ දැනට පිහිටා තිබෙන දෙවෙනියට උසින් වැඩිම ස්ථුපය වේ. මෙම ස්ථුපය නිමකිරීමට වසර 33ක කාලයක් ගතවී තිබෙනවා. මෙම ස්ථුපය සම්පුර්ණයෙන්ම කුළුණු මත ඉදිවූ ටැම්පිට ස්ථුපයක්, ස්ථුපයේ සම්පුර්ණ උස අඩි 289ක්. ඒ වගේම මෙම ස්ථුපයේ ගර්බය ඇතුලට අපිට යන්න පුළුවන්. විශාල ස්ථුප ගර්බය ඇතුලේ තවත් කුඩා ස්ථුපයක් පිහිටා තිබෙනවා. මේ මහවැලි මහා සෑය හදලා තියෙන්නේ කොත්මලේ ජලාශයට කිට්ටුවම තියෙන කදු ගැටයක ඒක නිසා මෙතනට කොත්මලේ ජලාශය සහ කොත්මලේ වේල්ල හරි අපුරුවට පේනවා.

යන්න පුළුවන් කමක් තියනවනම් ගිහින් බලන්න, හරිම ලස්සණ පරිසරය. අපි කොහේ ගියත් පරිසර හිතකාමී විදියට ට්‍රැවල් කරන්න පුරුදු වෙමු. 

2වන ශ්‍රී ලංකා රයිෆල් බලකා කදවුරට යන පාර. 

කොත්මලේ මහවැලි මහා සෑය බෝ මළුවට පේන විදිය.

කොත්මලේ මහවැලි මහා සෑය බෝ මළුවට පේන විදිය.
 
කොත්මලේ මහවැලි මහා සෑය ගර්බයේ ඇති ශ්‍රීපතුල.

කොත්මලේ මහවැලි මහා සෑය ගර්බයේ ඇති කරඩුවක්.

කොත්මලේ මහවැලි මහා සෑය ගර්බයේ ඇති කුඩා ස්ථුපය. 

කොත්මලේ මහවැලි මහා සෑය ලග ඉදන් කොත්මලේ ජලාශය සහ වේල්ල පෙනෙන විදිය.


No comments:

Post a Comment