දිනය : 2017-11-03
ස්ථානය : ඩන්සිනන් දියඇල්ල - පුඩලුඔය.
ගුගල් සිතියම් පිහිටීම : 7.006203, 80.688365
ලංකාවේ පිහිටලා තෙයෙන වාහනයකින් ලගටම ගිහිං බලන්න පුළුවන් තවත් දියඇල්ලක් තමයි මේ ඩන්සිනන් ඇල්ල කියන්නේ. මේක අයත් වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුඩලුඔය කියන ගම්මානයට. මේ දියඇල්ල මීටර් 100ක් පමණ උසයි ඒ වගේම කොටස් කීපයකට තමයි කඩාවැටෙන්නේ, දිය ඇල්ල මැදින් වැටිලා තියන නුවරඑළිය - පුඩලුඔය පාර නිසා මේ දියඇල්ල පාරෙන් උඩ කොටස සහ පාරෙන් යට කොටස විදියට දෙකට බෙදන්න පුළුවන්, පාරෙන් උඩ කොටස මීටර් 30ක් පමණ වන අතර පාරෙන් යට කොටස මීටර් 70ක් පමණ වෙනවා. පාලමෙන් යට කොටස අධික බැවුම් සහිත වන නිසා දිය ඇල්ලේ පහල කොටස නැරබීම ඉතාමත් අසීරුයි.
මෙම දිය ඇල්ල පුඩලු ඔයෙන් පෝෂණය වන අතර අවසානයේ කොත්මලේ ජලාශයට එකතුවේ. මෙම දිය ඇල්ල තේ වතු දෙකකට මැදිව පිහිටා තිබේ. ඉන් එක තේ වත්තක් වන්නේ ඩන්සිනන් වත්තයි එනිසා එම වත්තේ නමින් මෙම දිය ඇල්ල හදුන්වනු ලබනවා.
නුවරඑළියේ යන ගමනක් අතරතුරදී තමයි මේ දිය ඇල්ල බලන්න ගියේ, මේ ස්ථානයට මාර්ග කීපයකින් ලගාවිය හැකි අතර අප බාවිතා කරේ මෙහි සදහන් මාර්ගයයි. කිරිබත්ගොඩ -> යක්කල -> රුවන්වැල්ල -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> කොටගල -> තලවකැලේ -> පුඩලුඔය
මේ කියපු පාරේම යනවනම් පුඩලුඔය ටවුමෙන් කෙලින්ම පුඩලුඔය - තවලන්තැන්න පාරේ තවලන්තැන්න දෙසට මීටර් 700ක් විතර යන්න එතකොට පාර දෙකට බෙදෙන තුන්මං හංදියක් හම්බවෙනවා එකෙන් දකුණ පැත්තට (නුවරඑළිය) දෙසට තියන පාරට හැරිලා කිලෝමීටර් 3ක් විතර ගියාම මේ ඩන්සිනන් ඇල්ල බලන්න පුළුවන්.
ඉතිං පුළුවන් කමක් තියෙනවනම් ගිහින් බලන්න. පාරවල් ඔක්කොම හොදට තියෙනවා, ඒ වගේම මේ පැත්තේ තව බලන්න ගොඩක් දේවලුත් තියනවා. අපි කොහේ ගියත් පරිසර හිතකාමී විදියට ට්‍රැවල් කරන්න පුරුදු වෙමු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEil7WGj8bsfsM7DiyruHspPw50oxjKVOhXTKDaORgI5gTS5eede85pTer9LxcGBb4Jv-AHQsvztwdJMsAlfAtRqeVEW49NRGJvh9VtSg9JAnh5VdsIk6ge5NUfEgGzdAu4rCZmmGyX3HJk/s640/DSC03759.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. ඉහල කොත්මලේ ජලාශයට යටවුනු නිවාස සදහා රජයෙන් ලබාදුන් නිවාස. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmr5JigoF_MQGQ_gYzL_yWoVFiOnX3v7jiropZTCutoHrkrY77Oz8BVoo-P0gEh9SRvU8DBqs_NGcH7RsMgCiuKtAIT1oOKAyzjwWsa44sZ_AgUoTVzFAKRDFYT1Cc0M_UwrcicmxMp3Q/s640/DSC03677.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihPyTm0zBX68kPWGNPAniJUymsA9Nkk93KHnbmW1M11Zdx06yTjKAAKDRnWII_OMbtUFJyyFwJ-eMM7RWLzp7o9wWqFkPrcNeUbJS8chnpgtVKZaxl6VbozkWoAU2U3AwTDPw8Imjj1CY/s640/DSC03678.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. පේනවනේ ට්‍රිප් ගියපු කට්ටිය දාලා එන දේවල්. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3LFxr0Wo3ZDSWE_7w4wN0ypatUCw0Bz32kQBNrhCrg0D2q3m47v_bNQ1hMBRRM21fw6z8Ns57Zu8VNGrgtD00MauGKlOgmPcePDK8E80qfvt7uYwozHSOja4OSHSJ2v9pLcx_hwWHR34/s640/DSC03679.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7gPwQpizmgvEXlyTqpn699mfvhvAw7MCvbYyi52UhnQw8z6y50NmPPm7yB-kX8PxJeF6b9ru_u2KXhq8TIlK4n1TM5U84VzvT9MKyUGvTFjCe3GLUQCMcxYZjgqsPaKrZqZhNkydLdtQ/s640/DSC03684.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBMSn043UzACibtTjmI6LnmBCWbq5g8tlSTIIYCrRQU88gTDLCUEMzZvEAiFlvGVK6HdS8sSsgKQg5Cv4eP_X1Z2fGlQoApFHuiY9_sNwWLd_I3emotXjW4WAncpW0Fiopelg4QbM0kfU/s640/DSC03719.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiYOUADxBR9oBDpsP3DMq7uxirx_NBjrE_1TUSMiF1HAsDerprTD5B5dwH3ctgNjzZoqYxT0pAvLWAWSxrRObMhpCG7GsD0ggrbXdeabH7FFBqd0I9zm6KKC0m1gc_ezcUWnJkxPHBCtE/s640/DSC03736.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghzijjI-L8NBvL7Eyz7QzT50STXUNRwmJmN8L6H_AdEh1k4HD_L-WZykVg5bhQ1c3f5zkPKrNzxSEfjTnZRkxOYB-yUY6WIaeIoHmzSXkSNB6NnC0d_S1y_BhQP0irq2vuhzd6qyQNdmQ/s640/DSC03739.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. එකම කිට්ටුවෙන් කඩාවැටෙන දියඇලි තුනක්. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyRAtPkmudyK9PDdTWrgxMSjqALYLMi3vXkK98Vl6r7wkGgzJH3RTQs1Qhyphenhyphen4V-PLjo23L7fSw23ocVDz8aCvJg8t6_HAN1Mh9rftpR50LUjC0C2l2WXrWv_OE2IvZKsLljGLzKOz4SxpE/s640/DSC03745.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggd0T2kYhmciik1VOz4NePAKK3LDgtKDV9Yzh2Nb4EkZa2RK3H8M8q4klFOWQJi1FQ1ZdgQUlMIjFiQtIqRLC0XCpASMEQ7R3nOfpe5pr6jS12uIzQVnGCW4kvGtcpz-_i7VxsbZM9YQI/s640/DSC03748.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgm-Krk6eL_GidX6XplEz5GYOMpBSp5pS7sMzqJ1VJxNiiHJ7wReEgbBHBHicx8WbsjlD8BffEzG2-LXu5sA5f9Q3MM6DH_09ks-y-c9-jQzAhkpB_WHcpBm41IcjHam0X4YADFLhNibk/s640/DSC03754.JPG) |
තලවකැලේ සිට ඩන්සිනන් දියඇල්ල දක්වා යන අතරතුර. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_EI0dTT7eSTwzc3a8BzK42RELwAADPN20z_4Aqy7o-aP88SI24_qvtA2JKQiwm6uDVVZoa4wWrhbP-35_S7D4N7W-mOSPGOijmX_E5dxq1zyLuurO2MjGg0q_mfxbZZTCSHTraDZ7okk/s640/20171103_091050.jpg) |
ඩන්සිනන් දිය ඇල්ලේ පාලමෙන් ඉහල සහ පහල කොටස එකම පින්තුරයක. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNOiRPZZhJBCzQIRDLjfZFTwAkV5W9oSnF553m4ixMervtm-NstYdocUJE4El365dka9I4GWCZtjtApiKeyfU_r24WFjfNOuH-4E2zjWac4GWBAL4K3Lmaxc3gQHHCLbpSKXZsJBtrsmo/s640/20171103_091624.jpg) |
ඩන්සිනන් දිය ඇල්ලේ පාලමෙන් පහල කොටස පාලම උඩට පෙනෙන විදිය. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9EUQ0dkRHKChfLZ_0OkYZ2GbC1-7OYojFO-uKZln6HLXjXN9RfzStVTsLwaHUDdQHR7gzlPYjh9Q5jpFKfoWY44WDBliA8srJ6HA_iIadPFKA6p9jjf_FkTkBFIHqrByNIbEX-in0OlI/s640/20171103_091642.jpg) |
ඩන්සිනන් දිය ඇල්ලේ පාලමෙන් ඉහල කොටස පාලම උඩට පෙනෙන විදිය. |
No comments:
Post a Comment