Thursday, 30 November 2017

කෝච්චියෙන් ගිය බදුළු ගමන.

දිනය : 2017-11-24
ස්ථානය : කොළබ කොටුවේ සිට බදුල්ල.

මිට කලින් කවදාවත් මේ ගමන එක දිගට ගිහින් නැති නිසා හිතුනා යන්න. ලොකු සැලැස්මක් තිබුනේ නැහැ, සිකුරාදා නයිට් මේල් එකේ ගිහින් සෙනසුරාදා බදුල්ලේ නැවතිලා මුතියංගනේ පන්සල වැදලා ඉරිදා උදේම තියන උඩරට මැණිකේ කෝච්චියෙන් කොලබ එන්න තමයි හිතා ගත්තේ. 

සිකුරාදා වැඩ ඉවර වෙලා කෙලින්ම ගියා කොටුවේ ඉස්ටෙසමට සීට් එකක් බූක් කරගන්න පුලුවන්ද බලන්න මොන ඔක්කොම බූක්, ඉතින් මොකද කරන්නේ හොර පාරෙන් සීට් එකක් අල්ල ගන්න තීරණය කරලා  කොටුවෙන් බදුල්ලට දෙවෙනි පන්තියේ ටිකට් එකකුත් අරගෙන ගියා මරදානේ ඉස්ටෙසමට ගිහින් හිටියා බදුලු නයිට් මේල් එක මරදාන ඉස්ටෙසමට එනකන්, කොටුවට යන්න කලින් බඩු පටව ගන්න බදුළු නයිට් මේල් එක මරදානට එනවනේ. මෙන්න හරිම වෙලාවට කෝච්චිය අවා කොල්ලත් නැගල ජනේලයක් ලග සීට් එකක වාඩි වුනා දැන් හරි. 

සිකුරාදා දවස නිසා කෝච්චිය පුරවල සෙනග, දෙවෙනි පන්තිය කියලා නැහැ මම හිටපු පෙට්ටියෙත් හොදටම සෙනග පිරිලා. නයිට් මේල් නිසා අබේවෙලින් එහාට තමයි එළියේ ලස්සණ බලන්න වෙන්නෙත් ඒක නිසා කෝච්චිය කොටුවෙන් පිටත් වෙලා ටික වෙලාවකින් වැඩ ඇරිලා එන ගමන් ගතපු බනිස් ටික කාලා කිරි පැකට් එක බීල නින්දක් දැම්මා. නාවලපිටිය කිට්ටු වෙනකොට ඇහැරුණා, මේ වෙනකොට කෝච්චියේ සීට් ගානට වගේ සෙනග හිටියේ. දෙසැම්බර් මාසෙත් කිට්ටු නිසා සීතලත් ටිකක් දැනුනා ඒක නිසා නාවලපිටියේදී කෝච්චියට ගේන කිරිකෝපි එකකුත් බීලා අයෙත් නිදාගත්තා. උදේ 3 විතර වෙනකොට නානුඔය ඉස්ටෙසමේදී ඇහැරුනා එතන ඉදන් බදුල්ලට යනකන්ම ඇහැරලා ගියා. 

සෙනසුරාදා උදේ 7.30 වගේ වෙනකොට කෝච්චිය බදුල්ලට ආවා. ඊට පස්සේ ඉස්ටේසම කිට්ටුවම තියන නවාතැන්පොලට ගිහින් ඇගපත හෝදගෙන බදුල්ල ටවුන් එකට පයින් ඇවිල්ලා උදේට කෑම කාලා මුතියංගන රජමහා විහාරයට ගියා. පන්සලේ පැය 2ක් විතර ඉදලා බදුල්ල ටවුමට ඇවිල්ල ටවුමේ පොඩි රවුමක් දැම්ම. සැලැස්මක් නොතිබුන නිසාත් උදේ ඉදං චුරු චුරු වැස්සක් තිබුණ නිසාත් වැඩිය කොහෙවත් ඇවිදින්න ගියේ නැහැ. හවස 2ක විතර වෙනකොට දවල්ටත් කෑම කාලා නවාතැනට ආවා. රැටත් එලියට ගිහින් රයිස් එකකට වගකියලා ඇවිල්ලා හෙට උදෙන්ම යන්න ඕනේ නිසා කාමරේ ගාස්තුවත් ගෙවලා බැග් එකත් හදලා උදේ 4ට එලාම් එකත් සෙට් කරලා 10ට විතර නිදා ගත්තා.  

එලාම් එකේ සද්දෙට නැගිටලා මුණ කට හෝදගෙන ලෑස්තිවෙලා උදේ 5 වෙනකොට බදුල්ල ඉස්ටෙසමට ආවා, මොකද බුකින් කැන්සල් කරපු සීට් එකක්වත් තිබුනොත් බුක් කරගන්න පුළුවන් නිසා. මම යනකොටත් ජෝඩුවක් ටිකට් බුක් කරන කවුන්ටරේ ලග පෝලිමේ, මමත් ගිහින් ඊට පිටිපස්සෙන් හිටගත්තා. ඔන්න විනාඩි 10ක් විතර ගියාට පස්සේ කවුන්ටරේ ඇරියා ජෝඩුව ඇහුවා සීට් දෙකක් ගන්න පුලුවන්ද කියලා, කවුන්ටරේ හිටපු අය්යා කිවුවා සීට් දෙකක් දෙන්නම් හැබැයි එක ලග සීට්දෙකක් නැහැ කියලා. ලගදි බැදපු ජෝඩුවක්ද කොහෙද එක ලග සීට් නැති නිසා ජෝඩුව ගියා නොර්මල් ටිකට් කවුන්ටරේට දැන් මගේ කල්ල මරේ මම පැනපු ගමන් එක සීට් එකක් බුක් කරවා ගත්තා. ඊටපස්සේ 5.30ට වේදිකාවට ඇතුල්වෙන ගේට්ටුව ඇරියම කොල්ලත් ගිහින් සීට් එකේ වාඩි වෙලා කොළබ එන්න පිටත්උනා. එනකොටනම් කෝච්චිය ටිකක් පරක්කුයි, ඒක නිසා කොළබටම නොගිහින් රාගමින්  බැහැලා බස් එකේ කිරිබත්ගොඩට යන්න තීරණය කරා. රාගමින් බහිනකොට හවස 4.30 විතර වෙලා තිබුණා.  ඔන්න ඔහොමයි මගේ බදුළු ගමන නිමා වුනේ.

යන ගමන් පට්ටිපොළ හරියේදී.

යන ගමන් පට්ටිපොළ හරියේදී.

යන ගමන් හපුතලේ ඉස්ටේසම.

යන ගමන් කෝච්චිය වංගුවක් ගන්නවා.

යන ගමන් බණ්ඩාරවෙල ඉස්ටේසම. 

යන ගමන් බණ්ඩාරවෙල ඉස්ටේසම.


යන ගමන් ඇල්ල ඉස්ටේසම.

යන ගමන් ඇල්ල ඉස්ටේසම. 

යන ගමන් නයින් ආරච් බ්‍රිජ් එක.

බදුල්ල ඉස්ටෙසමට සෙනසුරාදා උදේ 7.30 වගේ වෙනකොට ආවා.

බදුල්ල ඉස්ටෙසමට සෙනසුරාදා උදේ 7.30 වගේ වෙනකොට ආවා.

සෙනසුරාදා දවසේ මුතියංගන පන්සලට ගිහිල්ල බදුල්ල ටවුමේ ටිකක් රවුන් ගැහුවා. මේ එතකොට ගතපු ෆොටෝ ටිකක්.

මුතියංගන රජමහා විහාරයේ චෛත්‍යය.

මුතියංගන රජමහා විහාරයේ චෛත්‍යය.

මුතියංගන රජමහා විහාරයේ.

මුතියංගන රජමහා විහාරය.

මුතියංගන රජමහා විහාරයේ වැදගත් කම.

මුතියංගන රජමහා විහාරය.

මුතියංගන රජමහා විහාරය.

මුතියංගන රජමහා විහාරයට ඇතුළුවන දොරටුව.

නවාතැන් ගත මවුන්ට් විව් හෝටලය.

බදුල්ල මහ නගර සභාව.
 
බදුල්ල නගරයේ පිහිටි හින්දු කෝවිලක්.

බදුල්ල නගරයේ පිහිටි කතෝලික පල්ලියක්.

මේ බදුල්ලේ ඉදං කොළබට එන්න සීට් බුක් කරපු පෙට්ටිය, මේක A/C ඒක නිසා ජනෙල් අරින්න බැහැ.

බදුල්ලේ ඉස්ටෙසමේදී කෝච්චිය පිටත් වෙන්න කලින්. 

මේ දොරේ තියෙන මේ කොලපාට බොත්තම ඔබලා තමයි ඇතුලට යන්න ඕනේ.

ආපසු යන ගමන් නයින් ආරච් බ්‍රිජ් එක. 

ආපසු යන ගමන් නයින් ආරච් බ්‍රිජ් එක. 

ආපසු යන ගමන් ඇතින් පෙනෙන මිදුම.

ආපසු යන ගමන් කෝච්චිය වංගුවක් ගන්නවා.. 

ආපසු යන ගමන් හපුතලේ ඉස්ටේසම. 

ආපසු යන ගමන් ඉදල්ගස්හින්න ඉස්ටේසම.

ආපසු යන ගමන් ඉදල්ගස්හින්න ඉස්ටේසම.

ආපසු යන ගමන් ඉදල්ගස්හින්න ඉස්ටේසම.

ආපසු යන ගමන් ඉදල්ගස්හින්න ඉස්ටේසම.

තවමත් මීදුම ගලනවා.

තවමත් මීදුම ගලනවා.

ආපසු යන ගමන් දුම්රියේ වේගය. 

ආපසු යන ගමන්.

ආපසු යන ගමන් කෝච්චිය බිංගෙයක් ඇතුලට යනවා.

ආපසු යන ගමන්.

ආපසු යන ගමන් මීදුමෙන් වැසුන පට්ටිපොළ දුම්රිය ස්ථානය.

ආපසු යන ගමන් අබේවෙල දුම්රිය ස්ථානය.

No comments:

Post a Comment