Sunday, 20 December 2015

පිදුරංගල විහාරය

දිනය : 2015-12-16
ස්ථානය : පිදුරංගල විහාරය - පිදුරංගල.
ගුගල් සිතියම් පිහිටීම : 7.968193, 80.760368

පවුලේ කට්ටියත් එක්ක ත්‍රිකුණාමලේ විනෝද ගමනක් යන අතරතුරදී තමයි පිදුරංගල පන්සලට ගියේ. කිරිබත්ගොඩින් උදෙන්ම පිටත් වුන නිසා පන්සල ලගට යනකොට උදේ 7යි. 

මේ පන්සල තියෙන්නේ සුප්‍රසිද්ධ සිගිරි පර්වතයට ඉතාමත් කිට්ටුවෙන් තියන පිදුරංගල කියන පර්වතය මුලික කරගෙනයි. මේ පන්සල අයත් වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට. තමන්ගේම වාහනේක යනවනම් තමයි ලේසි එහෙම නැතුව බස් එකේ හරිකෝච්චියේ හරි යනවනම් සීගිරියේ ඉදන් හරි හබරණ ඉදන් හරි ත්‍රීවීල් එකක් වගේ කතා කරගන්න වෙනවා පන්සල ලගට යන්න.

පර්වතය මුදුනට යන මාර්ගය කුඩා ගල් මතින් සහ ගල් පඩිපෙල් මතින් වැටි තිබෙන නිසා ගොඩක් වයසක අම්මලා තාත්තලටනම් උඩටම යන්න අමාරු වේවි, නමුත් පල්ලෙහාම තියන පන්සල වැදපුදා ගන්න කාටත් පුළුවන්. පර්වතය මුදුනට සිගිරිය ඉතාමත් ලස්සනට පේනවා. මෙම පර්වතය මුදුනට යෑමට සිදුවන්නේ පන්සල් භුමිය මැදින් නිසා සංවර ඇදුමින් සැරසී යන එක හොදයි.

නාම පුවරුව

ඝාන්ටාර කුළුණ  

පිළිමගෙය ඇතුලත සිතුවම් 

පිළිමගෙය ඇතුලත සිතුවම් 

පිළිමගෙය ඇතුලත පිළිම

පර්වතය මුදුනට යන අතරතුර පිහිට ලෙන සහ සැතපෙන පිළිම වහන්සේ.

පර්වතය මුදුනට යන අතරතුර පිහිට ලෙන සහ සැතපෙන පිළිම වහන්සේ.

පර්වතය මුදුනට යන අතරතුර පිහිටි ලෙන සහ සැතපෙන පිළිම වහන්සේ.

මෙන්න මේ වගේ තමයි පිළිම ගෙයින් පස්සේ යන්න තියන පාර.

බෝමලුවේ සිට විහාර ගෙට යන පියගැට පෙළ.

අපේ මග පෙන්වන්නා 

No comments:

Post a Comment