Tuesday, 17 September 2019

හක්ගල උද්භිද උද්‍යානය.

දිනය : 2019-08-23
ස්ථානය : හක්ගල උද්භිද උද්‍යානය - සිතාඑළිය.
ගුගල් සිතියම් පිහිටීම : 6.927618, 80.821818

ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ප්‍රධාන උද්භිද උද්‍යාන පහෙන් දෙවෙනියට විශාලතම උද්භිද උද්‍යානය තමයි මේක. මෙම උද්‍යානය පිහිටා තිබෙන්නේ  නුවරඑළිය නගරයට කිලෝමීටර් 10ක් පමණ දකුණට වන්නටය. මෙම උද්‍යානය අයත්වන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට වේ. මෙම උද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 5400ක් ඉහලින් පිහිටා තිබේ. මෙම උද්‍යානය මුලින්ම පිහිටවන ලද්දේ 1861 වර්ෂයේදී සින්කොනා නමැති ශාකයේ පරික්ෂණාත්මක වගාවක් ලෙසයි, ඉන්පසු තේ වගාව පර්යේෂණ මට්ටමෙන් වගාකළ අතර වර්ෂ 1884දී මෙය උද්‍යානයක් බවට පරිවර්තනය කොට මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී. 

මේ වෙනකොට මෙම උද්‍යානයේ ශාක විශේෂ 10,000 වැඩි ප්‍රමාණයක රෝපණය කර තිබේ. මෙම උද්‍යානයේ දෙසැම්බර් සිට පෙබරවාරි  දක්වා සීතල දේශගුණයක් පවතින අතර අප්‍රේල් සිට අගෝස්තු දක්වා උණුසුම් දේශගුණයක් පවතී, එම නිසා අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුල සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙය නැරබීමට පැමිණෙන අතර මෙම කාලය තුල උද්‍යානයේ ගස් වැල් මලින් පිරි යයි. මෙම උද්භිද උද්‍යානය ලොවපුරා කීර්තියට පත්වීමට තවත් ප්‍රධාන කාරණයක් වී  ඇත්තේ එහි ඇති ඔර්කිඩ් සහ රෝස මල් එකතුවන්ය. සාමන්‍ය වාර්ෂික සංචාරකයන්ගේ පැමිණීම 500,000 පමණ වේ.

ලංකාවේ ගොඩක් කට්ටිය ගිහින් තියන තැනක් ගැන තමයි අද මම කිවුවේ, මමත් කීප සැරයක්ම මෙහි සංචාරය කරලා තිබුනත් මීට කලින් මේ ගැන ලිපියක් ලියන්න හිතලා තිබුනේ නැහැ ඉතින් මම මේ උද්‍යානයට අවසන්වරට ගියේ අගෝස්තු මාසේ ඒ අපේ මිතුරු හවුලේ වාර්ෂික චාරිකාව අතරතුරදී. චාරිකාව ගියේ අගෝස්තු මාසේ අන්තිම උනත් ගොඩක් ගස් මල්වලින් පිරිලා තිබුනා ඒ වගේම වෙනදට වඩා වැඩි සීතලක් තිබුනා. ඉස්සර මෙම උද්‍යානයට ඇතුළුවීම සහ පිටවීම එකම ගේට්ටුවකින් සිදු කරත්, දැන් ඒක වෙනස් කරලා ඇතුල්වීමට සහ පිටවීමට වෙන වෙනම ගේට්ටු දෙකක් තියෙනවා. ඇතුළුවීමේ ගේට්ටුව ඉස්සර තිබුන ගේට්ටුවට වඩා මීටර් 100ක් විතර බදුල්ල පැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ ප්‍රවේශ පත්‍ර කවුළුව තියෙන්නෙත් එතනමයි. ඒ වගේම උද්‍යානයට අලුත් කොටස් කීපයක්ම එකතු කරලා තියනවා ඒ කියන්නේ අළුතෙන් රෝසමල් උද්‍යානය 2ක කියලා අලුතම කොටසක් හදලා තියනවා.

ඉතිං පුළුවන් කමක් තියෙනවනම් ගිහින් බලන්න. පාරවල් ඔක්කොම හොදට තියෙනවා, ඒ වගේම මේ පැත්තේ තව බලන්න ගොඩක් දේවලුත් තියනවා. අපි කොහේ ගියත් පරිසර හිතකාමී විදියට ට්‍රැවල් කරන්න පුරුදු වෙමු. 

උද්‍යානයේ සැලස්ම.




රෝස මලේ නටුවේ කටු.













  


Tuesday, 3 September 2019

දියලුම ඇල්ල.

දිනය : 2010-05-28
ස්ථානය : දියලුම ඇල්ල - කොස්ලන්ද. 
ගුගල් සිතියම් පිහිටීම : 6.731935, 81.030898

මේක අවුරුදු ගානකට කලින් ගියපු ගමනක්, ගමන ගියේ පවුලේ විනෝද චාරිකාවක් අතරතුරේදී. මේකේ තියෙන photo ඒ කාලේ ගතපුවා මම හිතන්නේ දැන් නම් මෙච්චර වතුර නැහැ දිය ඇල්ලේ එකට ඉතින් හේතුව වන විනාසය තමයි. 

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මෙම දිය ඇල්ල කොස්ලන්ද - වැල්ලවාය මාර්ගයේ පිහිටා තිබෙනවා. ඒක නිසා කිසි කරදරයක් නැතුව මේ දිය ඇල්ල බලන්න යන්න පුළුවන් වගේම ප්‍රධාන පාර අයිනේ ඉදන්ම බලන්න පුළුවන්, ඒක නිසා ඕනෙම කෙනකුට ඉතා පහසුවෙන් බලන්න පුළුවන් දිය ඇල්ලක් තමයි මේක. මේ දිය අල්ලට ජලය සැපයෙන්නේ පූනාගල ඔයෙන්, ලංකාවේ තුන් වෙනියට වගේම ලෝකෙන්ම 62 වෙනියට උසම දිය ඇල්ල වෙන්නේ මේ දියලුම ඇල්ලයි. ජලජ පහන, දියගැලුම, දියහලුම සහ විස්මිත දිය ඇල්ල යන නම් වලින්ද අතීතයේ මෙම දියලුම ඇල්ල හදුන්වා තිබෙනවා. 
























මේ තියෙන්නේ 2016-07-16 ගතපු ෆොටෝ එකක් පේනවනේ වතුර ප්‍රමාණය.

කවටයාමුණ මහා විහාරය.

දිනය : 2019-07-21
ස්ථානය : කවටයාමුණ මහා විහාරය - පලාපත්වෙල. 
ගුගල් සිතියම් පිහිටීම : 7.556667, 80.620946


මම මේ ගමන ගියේ මගේ පවුලේ කට්ටියත් එක්ක. මෙම ස්ථානයට අපි ලගාවෙනකොට උදේ 8.30 විතර වෙලා තිබුනා. මෙදින ඉරිදා දිනයක් නිසා පන්සලේ දහම් පාසලට ගමේ ළමයි ඇවිල්ලා පන්සල ටිකක් කාර්යබහුල වෙලයි තිබුනේ, නමුත් අපිට පන්සල නරබන්න සහ වැදපුදාගන්න එකෙන් කිසිම බාදාවක් වුනේ නැහැ.

අපි මේ පන්සලට යන්න මුලික වුන ප්‍රධානම කාරණය තමයි ලංකාවේ නිර්මාණය කරපු ප්‍රථම මුර්තිමයම  අපාය පිහිටලා තියෙන්නේ මේ පන්සලේ වීම. අදටත් ඉතාමත් හොදින් සංරක්ෂණය කර තිබීම නිසා අදටත් නැරබිමේ හැකියවා පවතිනවා.

මාතලේ ගලේවෙල මාර්ගයේ ඔබත් ගමන් කරනවානම් මෙය නැරබීමට අමතක නොකරන්න.

දැන් අපි පින්තුර ටිකක් බලමු.


මේ තමයි පිවිසුම් දොරටුව.













අපායේ තියන නිගන්ටගේ පිළිරුව.















පොලව පලාගෙන නිරයට ඇදගෙන යෑම.
දරුවන් අරන් දිවුරු ස්ත්‍රියකට අපායෙදී ලැබෙන දඩුවම.

මුගලන් මහරහතන් වහන්සේට පෙර ආත්මයක සිදු කල පවු පඩිසන් දීම.

වරදට එල්ලා මැරීමේ දඩුවම. 

පොලව පලාගෙන අපායට ඇදගෙන යෑම.








දේවදත්ත හාමුදුරුවෝ පණපිටින් අපාගත වීම.
කටු ඉබුලේ නැගීම.
වරදට උලතිබිමේ දඩුවම.

Thursday, 25 July 2019

රම්බොඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමාව.

දිනය : 2019-07-20
ස්ථානය : රම්බොඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමාව - රම්බොඩගල්ල.
ගුගල් සිතියම් පිහිටීම : 7.515416, 80.505999

ලංකාවේ පිහිටි විශාලතම ශෛලමයම බුද්ධ ප්‍රතිමාව මෙයයි. මෙම ප්‍රතිමාව පිහිටා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මොනරගල්ල පන්සලේ. මෙම ප්‍රතිමාව තනි කළුගලින් නිමවා ඇති අතර මෙය සමාධි බුද්ධ ප්‍රතිමාවකි. ප්‍රතිමාවේ සම්පුර්ණ උස අඩි 67.5ක් වන අතර මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීමට වසර දොළහක  පමණ කාලයක් ගතවී තිබෙනවා.

මෙම දැවැන්ත නිර්මාණය කිරීමේ පුරෝගාමී පුද්ගලයා වන්නේ මොනාරගල්ල විහාරාධිපති එගොඩමුල්ලේ අමරමෝලි මහනායක ස්වාමින්වහන්සෙයි. මහනායක හාමුදුරුවන්ට මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාවය ඇතිවන්නේ 2001 වසරේ ඇෆ්ගනිස්ථානයේ පිහිටි බාමියන් බුද්ධ ප්‍රතිමා තලෙයිබාන් අන්තවාදීන් විසින් විනාශකර දැමීම දැකීමෙන් පසුවයි. ඒ අනුව මෙම දැවැන්ත නිර්මාණය කිරීමට හැකි ශිල්පියෙකු පිලිබදව විස්තර සොයා බලන මහනායක හාමුදුරුවන්ට දැනගන්නට ලැබෙන්නේ එවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමේ හැකියාව ඇති ශිල්පියෙකු ලංකාවේ නොමැති බවයි, නමුත් එයින් නොනවතින මහනායක හාමුදුරුවෝ මෙවැනි ශිල්පියෙකු සොයමින් සිටින අතරතුර තමයි ඉන්දියානු ජාතික Padma Sri and Silpa Kalamini M. M. Sthapathi මහතා හමුවන්නේ. ඒ මහතා මීට පෙර බුද්ධ ප්‍රතිමා නිර්මාණය කර නොමැති වුවත් මෙම කාර්යය ඉතා උනන්දුවෙන් බාරගෙන මහනායක හිමියන්ට අවශ්‍ය පරදී 2015 වසරේදී සාදා නිමකරනවා.

මම මේ පන්සලට යන්නේ රිදීගම රිදී විහාරයට යන ගමනක් අතරතුරදියි. මම මේ ගමනට බාවිතාකල මාර්ගය වන්නේ කිරිබත්ගොඩ -> යක්කල -> දිවුලපිටිය -> ගිරිඋල්ල -> කුරුණෑගල -> ඉබ්බාගමුව -> රිදීගම. මේ කියපු පාරෙන් යනවනම් රිදීගම ටවුමෙන් රම්බොඩගල්ල දෙසට යන පාරේ කිලෝමීටර් 6ක් පමණ ගියාම මේ මොනරගල්ල පන්සලට ලගාවෙන්න පුළුවන්.

ඉතිං පුළුවන් කමක් තියෙනවනම් ගිහින් බලන්න. පාරවල් ඔක්කොම හොදට තියෙනවා, ඒ වගේම මේ පැත්තේ තව බලන්න ගොඩක් දේවලුත් තියනවා. අපි කොහේ ගියත් පරිසර හිතකාමී විදියට ට්‍රැවල් කරන්න පුරුදු වෙමු. 

සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ ලගට යන පියගැට පෙළ. 

රම්බොඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමාව.

රම්බොඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමාව. 

රම්බොඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමාව.

රම්බොඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමාව පාමුල පිහිටි සදකඩ පහන.


Thursday, 30 November 2017

කෝච්චියෙන් ගිය බදුළු ගමන.

දිනය : 2017-11-24
ස්ථානය : කොළබ කොටුවේ සිට බදුල්ල.

මිට කලින් කවදාවත් මේ ගමන එක දිගට ගිහින් නැති නිසා හිතුනා යන්න. ලොකු සැලැස්මක් තිබුනේ නැහැ, සිකුරාදා නයිට් මේල් එකේ ගිහින් සෙනසුරාදා බදුල්ලේ නැවතිලා මුතියංගනේ පන්සල වැදලා ඉරිදා උදේම තියන උඩරට මැණිකේ කෝච්චියෙන් කොලබ එන්න තමයි හිතා ගත්තේ. 

සිකුරාදා වැඩ ඉවර වෙලා කෙලින්ම ගියා කොටුවේ ඉස්ටෙසමට සීට් එකක් බූක් කරගන්න පුලුවන්ද බලන්න මොන ඔක්කොම බූක්, ඉතින් මොකද කරන්නේ හොර පාරෙන් සීට් එකක් අල්ල ගන්න තීරණය කරලා  කොටුවෙන් බදුල්ලට දෙවෙනි පන්තියේ ටිකට් එකකුත් අරගෙන ගියා මරදානේ ඉස්ටෙසමට ගිහින් හිටියා බදුලු නයිට් මේල් එක මරදාන ඉස්ටෙසමට එනකන්, කොටුවට යන්න කලින් බඩු පටව ගන්න බදුළු නයිට් මේල් එක මරදානට එනවනේ. මෙන්න හරිම වෙලාවට කෝච්චිය අවා කොල්ලත් නැගල ජනේලයක් ලග සීට් එකක වාඩි වුනා දැන් හරි. 

සිකුරාදා දවස නිසා කෝච්චිය පුරවල සෙනග, දෙවෙනි පන්තිය කියලා නැහැ මම හිටපු පෙට්ටියෙත් හොදටම සෙනග පිරිලා. නයිට් මේල් නිසා අබේවෙලින් එහාට තමයි එළියේ ලස්සණ බලන්න වෙන්නෙත් ඒක නිසා කෝච්චිය කොටුවෙන් පිටත් වෙලා ටික වෙලාවකින් වැඩ ඇරිලා එන ගමන් ගතපු බනිස් ටික කාලා කිරි පැකට් එක බීල නින්දක් දැම්මා. නාවලපිටිය කිට්ටු වෙනකොට ඇහැරුණා, මේ වෙනකොට කෝච්චියේ සීට් ගානට වගේ සෙනග හිටියේ. දෙසැම්බර් මාසෙත් කිට්ටු නිසා සීතලත් ටිකක් දැනුනා ඒක නිසා නාවලපිටියේදී කෝච්චියට ගේන කිරිකෝපි එකකුත් බීලා අයෙත් නිදාගත්තා. උදේ 3 විතර වෙනකොට නානුඔය ඉස්ටෙසමේදී ඇහැරුනා එතන ඉදන් බදුල්ලට යනකන්ම ඇහැරලා ගියා. 

සෙනසුරාදා උදේ 7.30 වගේ වෙනකොට කෝච්චිය බදුල්ලට ආවා. ඊට පස්සේ ඉස්ටේසම කිට්ටුවම තියන නවාතැන්පොලට ගිහින් ඇගපත හෝදගෙන බදුල්ල ටවුන් එකට පයින් ඇවිල්ලා උදේට කෑම කාලා මුතියංගන රජමහා විහාරයට ගියා. පන්සලේ පැය 2ක් විතර ඉදලා බදුල්ල ටවුමට ඇවිල්ල ටවුමේ පොඩි රවුමක් දැම්ම. සැලැස්මක් නොතිබුන නිසාත් උදේ ඉදං චුරු චුරු වැස්සක් තිබුණ නිසාත් වැඩිය කොහෙවත් ඇවිදින්න ගියේ නැහැ. හවස 2ක විතර වෙනකොට දවල්ටත් කෑම කාලා නවාතැනට ආවා. රැටත් එලියට ගිහින් රයිස් එකකට වගකියලා ඇවිල්ලා හෙට උදෙන්ම යන්න ඕනේ නිසා කාමරේ ගාස්තුවත් ගෙවලා බැග් එකත් හදලා උදේ 4ට එලාම් එකත් සෙට් කරලා 10ට විතර නිදා ගත්තා.  

එලාම් එකේ සද්දෙට නැගිටලා මුණ කට හෝදගෙන ලෑස්තිවෙලා උදේ 5 වෙනකොට බදුල්ල ඉස්ටෙසමට ආවා, මොකද බුකින් කැන්සල් කරපු සීට් එකක්වත් තිබුනොත් බුක් කරගන්න පුළුවන් නිසා. මම යනකොටත් ජෝඩුවක් ටිකට් බුක් කරන කවුන්ටරේ ලග පෝලිමේ, මමත් ගිහින් ඊට පිටිපස්සෙන් හිටගත්තා. ඔන්න විනාඩි 10ක් විතර ගියාට පස්සේ කවුන්ටරේ ඇරියා ජෝඩුව ඇහුවා සීට් දෙකක් ගන්න පුලුවන්ද කියලා, කවුන්ටරේ හිටපු අය්යා කිවුවා සීට් දෙකක් දෙන්නම් හැබැයි එක ලග සීට්දෙකක් නැහැ කියලා. ලගදි බැදපු ජෝඩුවක්ද කොහෙද එක ලග සීට් නැති නිසා ජෝඩුව ගියා නොර්මල් ටිකට් කවුන්ටරේට දැන් මගේ කල්ල මරේ මම පැනපු ගමන් එක සීට් එකක් බුක් කරවා ගත්තා. ඊටපස්සේ 5.30ට වේදිකාවට ඇතුල්වෙන ගේට්ටුව ඇරියම කොල්ලත් ගිහින් සීට් එකේ වාඩි වෙලා කොළබ එන්න පිටත්උනා. එනකොටනම් කෝච්චිය ටිකක් පරක්කුයි, ඒක නිසා කොළබටම නොගිහින් රාගමින්  බැහැලා බස් එකේ කිරිබත්ගොඩට යන්න තීරණය කරා. රාගමින් බහිනකොට හවස 4.30 විතර වෙලා තිබුණා.  ඔන්න ඔහොමයි මගේ බදුළු ගමන නිමා වුනේ.

යන ගමන් පට්ටිපොළ හරියේදී.

යන ගමන් පට්ටිපොළ හරියේදී.

යන ගමන් හපුතලේ ඉස්ටේසම.

යන ගමන් කෝච්චිය වංගුවක් ගන්නවා.

යන ගමන් බණ්ඩාරවෙල ඉස්ටේසම. 

යන ගමන් බණ්ඩාරවෙල ඉස්ටේසම.


යන ගමන් ඇල්ල ඉස්ටේසම.

යන ගමන් ඇල්ල ඉස්ටේසම. 

යන ගමන් නයින් ආරච් බ්‍රිජ් එක.

බදුල්ල ඉස්ටෙසමට සෙනසුරාදා උදේ 7.30 වගේ වෙනකොට ආවා.

බදුල්ල ඉස්ටෙසමට සෙනසුරාදා උදේ 7.30 වගේ වෙනකොට ආවා.

සෙනසුරාදා දවසේ මුතියංගන පන්සලට ගිහිල්ල බදුල්ල ටවුමේ ටිකක් රවුන් ගැහුවා. මේ එතකොට ගතපු ෆොටෝ ටිකක්.

මුතියංගන රජමහා විහාරයේ චෛත්‍යය.

මුතියංගන රජමහා විහාරයේ චෛත්‍යය.

මුතියංගන රජමහා විහාරයේ.

මුතියංගන රජමහා විහාරය.

මුතියංගන රජමහා විහාරයේ වැදගත් කම.

මුතියංගන රජමහා විහාරය.

මුතියංගන රජමහා විහාරය.

මුතියංගන රජමහා විහාරයට ඇතුළුවන දොරටුව.

නවාතැන් ගත මවුන්ට් විව් හෝටලය.

බදුල්ල මහ නගර සභාව.
 
බදුල්ල නගරයේ පිහිටි හින්දු කෝවිලක්.

බදුල්ල නගරයේ පිහිටි කතෝලික පල්ලියක්.

මේ බදුල්ලේ ඉදං කොළබට එන්න සීට් බුක් කරපු පෙට්ටිය, මේක A/C ඒක නිසා ජනෙල් අරින්න බැහැ.

බදුල්ලේ ඉස්ටෙසමේදී කෝච්චිය පිටත් වෙන්න කලින්. 

මේ දොරේ තියෙන මේ කොලපාට බොත්තම ඔබලා තමයි ඇතුලට යන්න ඕනේ.

ආපසු යන ගමන් නයින් ආරච් බ්‍රිජ් එක. 

ආපසු යන ගමන් නයින් ආරච් බ්‍රිජ් එක. 

ආපසු යන ගමන් ඇතින් පෙනෙන මිදුම.

ආපසු යන ගමන් කෝච්චිය වංගුවක් ගන්නවා.. 

ආපසු යන ගමන් හපුතලේ ඉස්ටේසම. 

ආපසු යන ගමන් ඉදල්ගස්හින්න ඉස්ටේසම.

ආපසු යන ගමන් ඉදල්ගස්හින්න ඉස්ටේසම.

ආපසු යන ගමන් ඉදල්ගස්හින්න ඉස්ටේසම.

ආපසු යන ගමන් ඉදල්ගස්හින්න ඉස්ටේසම.

තවමත් මීදුම ගලනවා.

තවමත් මීදුම ගලනවා.

ආපසු යන ගමන් දුම්රියේ වේගය. 

ආපසු යන ගමන්.

ආපසු යන ගමන් කෝච්චිය බිංගෙයක් ඇතුලට යනවා.

ආපසු යන ගමන්.

ආපසු යන ගමන් මීදුමෙන් වැසුන පට්ටිපොළ දුම්රිය ස්ථානය.

ආපසු යන ගමන් අබේවෙල දුම්රිය ස්ථානය.