Tuesday, 17 September 2019

හක්ගල උද්භිද උද්‍යානය.

දිනය : 2019-08-23
ස්ථානය : හක්ගල උද්භිද උද්‍යානය - සිතාඑළිය.
ගුගල් සිතියම් පිහිටීම : 6.927618, 80.821818

ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ප්‍රධාන උද්භිද උද්‍යාන පහෙන් දෙවෙනියට විශාලතම උද්භිද උද්‍යානය තමයි මේක. මෙම උද්‍යානය පිහිටා තිබෙන්නේ  නුවරඑළිය නගරයට කිලෝමීටර් 10ක් පමණ දකුණට වන්නටය. මෙම උද්‍යානය අයත්වන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට වේ. මෙම උද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 5400ක් ඉහලින් පිහිටා තිබේ. මෙම උද්‍යානය මුලින්ම පිහිටවන ලද්දේ 1861 වර්ෂයේදී සින්කොනා නමැති ශාකයේ පරික්ෂණාත්මක වගාවක් ලෙසයි, ඉන්පසු තේ වගාව පර්යේෂණ මට්ටමෙන් වගාකළ අතර වර්ෂ 1884දී මෙය උද්‍යානයක් බවට පරිවර්තනය කොට මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී. 

මේ වෙනකොට මෙම උද්‍යානයේ ශාක විශේෂ 10,000 වැඩි ප්‍රමාණයක රෝපණය කර තිබේ. මෙම උද්‍යානයේ දෙසැම්බර් සිට පෙබරවාරි  දක්වා සීතල දේශගුණයක් පවතින අතර අප්‍රේල් සිට අගෝස්තු දක්වා උණුසුම් දේශගුණයක් පවතී, එම නිසා අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුල සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙය නැරබීමට පැමිණෙන අතර මෙම කාලය තුල උද්‍යානයේ ගස් වැල් මලින් පිරි යයි. මෙම උද්භිද උද්‍යානය ලොවපුරා කීර්තියට පත්වීමට තවත් ප්‍රධාන කාරණයක් වී  ඇත්තේ එහි ඇති ඔර්කිඩ් සහ රෝස මල් එකතුවන්ය. සාමන්‍ය වාර්ෂික සංචාරකයන්ගේ පැමිණීම 500,000 පමණ වේ.

ලංකාවේ ගොඩක් කට්ටිය ගිහින් තියන තැනක් ගැන තමයි අද මම කිවුවේ, මමත් කීප සැරයක්ම මෙහි සංචාරය කරලා තිබුනත් මීට කලින් මේ ගැන ලිපියක් ලියන්න හිතලා තිබුනේ නැහැ ඉතින් මම මේ උද්‍යානයට අවසන්වරට ගියේ අගෝස්තු මාසේ ඒ අපේ මිතුරු හවුලේ වාර්ෂික චාරිකාව අතරතුරදී. චාරිකාව ගියේ අගෝස්තු මාසේ අන්තිම උනත් ගොඩක් ගස් මල්වලින් පිරිලා තිබුනා ඒ වගේම වෙනදට වඩා වැඩි සීතලක් තිබුනා. ඉස්සර මෙම උද්‍යානයට ඇතුළුවීම සහ පිටවීම එකම ගේට්ටුවකින් සිදු කරත්, දැන් ඒක වෙනස් කරලා ඇතුල්වීමට සහ පිටවීමට වෙන වෙනම ගේට්ටු දෙකක් තියෙනවා. ඇතුළුවීමේ ගේට්ටුව ඉස්සර තිබුන ගේට්ටුවට වඩා මීටර් 100ක් විතර බදුල්ල පැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ ප්‍රවේශ පත්‍ර කවුළුව තියෙන්නෙත් එතනමයි. ඒ වගේම උද්‍යානයට අලුත් කොටස් කීපයක්ම එකතු කරලා තියනවා ඒ කියන්නේ අළුතෙන් රෝසමල් උද්‍යානය 2ක කියලා අලුතම කොටසක් හදලා තියනවා.

ඉතිං පුළුවන් කමක් තියෙනවනම් ගිහින් බලන්න. පාරවල් ඔක්කොම හොදට තියෙනවා, ඒ වගේම මේ පැත්තේ තව බලන්න ගොඩක් දේවලුත් තියනවා. අපි කොහේ ගියත් පරිසර හිතකාමී විදියට ට්‍රැවල් කරන්න පුරුදු වෙමු. 

උද්‍යානයේ සැලස්ම.




රෝස මලේ නටුවේ කටු.













  


Tuesday, 3 September 2019

දියලුම ඇල්ල.

දිනය : 2010-05-28
ස්ථානය : දියලුම ඇල්ල - කොස්ලන්ද. 
ගුගල් සිතියම් පිහිටීම : 6.731935, 81.030898

මේක අවුරුදු ගානකට කලින් ගියපු ගමනක්, ගමන ගියේ පවුලේ විනෝද චාරිකාවක් අතරතුරේදී. මේකේ තියෙන photo ඒ කාලේ ගතපුවා මම හිතන්නේ දැන් නම් මෙච්චර වතුර නැහැ දිය ඇල්ලේ එකට ඉතින් හේතුව වන විනාසය තමයි. 

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මෙම දිය ඇල්ල කොස්ලන්ද - වැල්ලවාය මාර්ගයේ පිහිටා තිබෙනවා. ඒක නිසා කිසි කරදරයක් නැතුව මේ දිය ඇල්ල බලන්න යන්න පුළුවන් වගේම ප්‍රධාන පාර අයිනේ ඉදන්ම බලන්න පුළුවන්, ඒක නිසා ඕනෙම කෙනකුට ඉතා පහසුවෙන් බලන්න පුළුවන් දිය ඇල්ලක් තමයි මේක. මේ දිය අල්ලට ජලය සැපයෙන්නේ පූනාගල ඔයෙන්, ලංකාවේ තුන් වෙනියට වගේම ලෝකෙන්ම 62 වෙනියට උසම දිය ඇල්ල වෙන්නේ මේ දියලුම ඇල්ලයි. ජලජ පහන, දියගැලුම, දියහලුම සහ විස්මිත දිය ඇල්ල යන නම් වලින්ද අතීතයේ මෙම දියලුම ඇල්ල හදුන්වා තිබෙනවා. 
























මේ තියෙන්නේ 2016-07-16 ගතපු ෆොටෝ එකක් පේනවනේ වතුර ප්‍රමාණය.

කවටයාමුණ මහා විහාරය.

දිනය : 2019-07-21
ස්ථානය : කවටයාමුණ මහා විහාරය - පලාපත්වෙල. 
ගුගල් සිතියම් පිහිටීම : 7.556667, 80.620946


මම මේ ගමන ගියේ මගේ පවුලේ කට්ටියත් එක්ක. මෙම ස්ථානයට අපි ලගාවෙනකොට උදේ 8.30 විතර වෙලා තිබුනා. මෙදින ඉරිදා දිනයක් නිසා පන්සලේ දහම් පාසලට ගමේ ළමයි ඇවිල්ලා පන්සල ටිකක් කාර්යබහුල වෙලයි තිබුනේ, නමුත් අපිට පන්සල නරබන්න සහ වැදපුදාගන්න එකෙන් කිසිම බාදාවක් වුනේ නැහැ.

අපි මේ පන්සලට යන්න මුලික වුන ප්‍රධානම කාරණය තමයි ලංකාවේ නිර්මාණය කරපු ප්‍රථම මුර්තිමයම  අපාය පිහිටලා තියෙන්නේ මේ පන්සලේ වීම. අදටත් ඉතාමත් හොදින් සංරක්ෂණය කර තිබීම නිසා අදටත් නැරබිමේ හැකියවා පවතිනවා.

මාතලේ ගලේවෙල මාර්ගයේ ඔබත් ගමන් කරනවානම් මෙය නැරබීමට අමතක නොකරන්න.

දැන් අපි පින්තුර ටිකක් බලමු.


මේ තමයි පිවිසුම් දොරටුව.













අපායේ තියන නිගන්ටගේ පිළිරුව.















පොලව පලාගෙන නිරයට ඇදගෙන යෑම.
දරුවන් අරන් දිවුරු ස්ත්‍රියකට අපායෙදී ලැබෙන දඩුවම.

මුගලන් මහරහතන් වහන්සේට පෙර ආත්මයක සිදු කල පවු පඩිසන් දීම.

වරදට එල්ලා මැරීමේ දඩුවම. 

පොලව පලාගෙන අපායට ඇදගෙන යෑම.








දේවදත්ත හාමුදුරුවෝ පණපිටින් අපාගත වීම.
කටු ඉබුලේ නැගීම.
වරදට උලතිබිමේ දඩුවම.