දිනය : 2017-04-10
ස්ථානය : වොර්ලි දේවස්ථානය - දික්ඔය.
ගුගල් සිතියම් පිහිටීම : 6.863198, 80.595790
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාල වකවානුවේදී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයකු වන විලියම් ස්කොට් (William Scott) විසින් වර්ෂ 1878දී මෙම අලංකාර දේවස්ථානය සාදවන ලදී. මේ දේවස්ථානය සාදවා දීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ආණ්ඩුකාරවරයාගේ දික්ඔය පිහිටි ආණ්ඩුකාර බංගලාව නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම සහ ආකෘතිය ලබාදීමට ප්‍රතිඋපකාරයක් ලෙසටයි. මෙම දේවස්ථානය සම්පුර්ණයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය දේවස්ථාන වල දකින්නට ලැබෙන ගෘහනිර්මාණ ශිල්පයට අනුකුලවයි. මෙම දේවස්ථානය විවෘත කරණ අවස්ථාවේදී තෑගි දෙන ලද බයිබලය අදටත් මෙම දේවස්ථානය නැරබීමට යන කෙනෙකුට දැකබලා ගැනීමට පුළුවන්.
මෙම දේවස්ථානයේ සියළුම බිත්ති කළුගලින් නිර්මාණය කර තිබේ, එමෙන්ම මෙම දේවස්ථාන ගොඩනැගිල්ල කුරුසයක හැඩයට නිර්මාණය කර තිබේ. මෙම දේවස්ථානයේ ජනේල වල තිබෙන විදුරු ක්‍රිස්තු චරිතයේ එක් එක් අවස්ථා නිරුපනය වන විදියට නිර්මාණය කර තිබේ. දැනටත් මෙම දේවස්ථානයේ දේවමෙහෙයන් පවත්වන නිසා එම වෙලාවකට ගියොත් තමයි දේවස්ථානයේ ඇතුල බලන්න පුළුවන් වෙන්නේ. මොකද එහෙම නැත්තන් අනෙක් වේලාවන්වලදී දේවස්ථානය වහල තමයි තියෙන්නේ.
මට මේ දේවස්ථානය බලන්න යන්න පුළුවන් වුනේ අවුරුදු නිවාඩුවට ගිය දික්ඔය විනෝද චාරිකාව අතරතුරදියි. මේ ස්ථානයට මාර්ග කීපයකින් ලගාවිය හැකි නමුත් අපි බාවිතා කරේ මෙහි සදහන් මාර්ගයයි. කිරිබත්ගොඩ -> යක්කල -> රුවන්වැල්ල -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> දික්ඔය .
මේ මම කියලා තියන මාර්ගයේ යනවනම් දික්ඔය ටවුමේ ඉදං මස්කෙළිය පැත්තට කිලෝමීටර් 2ක් විතර යන්න එතකොට වන්ගුවකුත් එක්ක දකුණු අත පැත්තේ මේ දේවස්ථානය පිහිටලා තියෙනවා.
ඉතිං පුළුවන් කමක් තියෙනවනම් ගිහින් බලන්න. පාරවල් ඔක්කොම හොදට තියෙනවා, ඒ වගේම මේ පැත්තේ තව බලන්න ගොඩක් දේවලුත් තියනවා. අපි කොහේ ගියත් පරිසර හිතකාමී විදියට ට්‍රැවල් කරන්න පුරුදු වෙමු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioVCo_HuSRUxzAfjroW68IUKlYQb7NeF6B7ESqKqgopG_oiApWLdWf7CMGHFs2cgiJjB7vhdRILC6zrbF6OLyY5cu_O6dTjwIQy5uHIy9R-Vg7uiEKDvLW27vAMk61cNN9NGQt1NkLYUg/s640/DSC03022.JPG) |
දික්ඔය-මස්කෙළිය මාර්ගයට දේවස්ථානය පෙනෙන ආකාරය. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheNVqljmBkYBT9d3ef6ExMrBXXdMN7DSW-7HC5xXTREQc5rRESfrZBYnjczfgoQaDFueuwZMSrjZqF32HMeEQy_q6IzS32BJwdBoxHYRGZVwVnsmcxVEis8JDDW1CUVdp2_1JGz41g-1k/s640/DSC03023.JPG) |
දේවස්ථානයේ නාමපුවරුව. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRwb79hJVRea4F6yOkAB0ZFZMFOAC39WBgFV4Hwh7bf0y0JlVE7GIWHrv7pCZvsIDmNYoVVDOyP9ocyHTQM2QGFwr8VvlutwPSdSpnWk0rlJJ4hSA_Heq08Gw75ZG-T5lQqKWYfUF3xmE/s640/DSC03026.JPG) |
දේවස්ථානයේ ඇතුලත ජනේල වල ඇති සිතුවම්. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQd6UXLefLOOM5lYYD9NYRpeYHt1bA3Tj3gUw9SMJJAFQJr1svCWRpldvkNHXMUeHDPurCKCWXrQipGYqRQoGMnd491tVzSDtPDLtBtj7tXfa1X5aW6aVndEepYtvSQJsc7MKI23VyBGE/s640/DSC03029.JPG) |
දේවස්ථානයේ ඇතුලත ජනේල වල ඇති සිතුවම්. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjufuZvYu4xUrA36qSrUzbjcOS3043kKn4GqHRUJ_Zss3a1AAWTFeQJcIweHY24X8pKGrKxad4p69qb2I9duefjAcDg58vkER_kD08No5JpDAaf97XVc2-rOSRvFCuvkfiOE1Z5ILtkGbg/s640/DSC03030.JPG) |
දේවස්ථානයේ ඇතුලත. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEga0sTv8Pq-DH8mPzaCPo49NwB8ZUqEtnr7AhDzvtJaNmWX1kzYfenE-7dT3_RqUVWkU_F6llNBYztMWLhx5hfZ77jgeaEE3AK74WSsjP5pnTDwQR66tMkHXV3Zw5Am5tPTBxQZ9p-rv7M/s640/DSC03033.JPG) |
දේවස්ථානයේ ඇතුලත තිබෙන දැනටත් ක්‍රියාත්මක වන පියානෝව. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzoAH3fASa_PdsDDuWzDstPlII1kR-qigQiwzx8ADv-dq2ChKviXW6rMtPF4i-csYsCijdZqaB8-RqwMDP2uS-9hq775NNGaa7mfdxk-sSZxSKxbGoBrDBOOqc1VrebpTkDzPvDQ0ConY/s640/DSC03034.JPG) |
මෙම දේවස්ථානය විවෘත කරණ අවස්ථාවේදී තෑගි දෙන ලද බයිබලය. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7_ubLZyrtRy-tAvp9RRsdNZzkDGXxtwYEEyP1jPigf89uePzPvVpFyDNQ0jtfTRywwler_bvWIugM07gXi9s_fQEDpzZ8lIbu_wr_lAz_Rtb0NQDNb1CrJNGmFsbhnvF3klRbWfCaHiI/s640/DSC03037.JPG) |
දේවස්ථානයේ ඇතුලත. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwO-8RJvhuPqvd_R0tAj4xM3f9oyrw27AtkQPuhG0QaUpCf0ofgjbgDtAxHdlYUVmB4lh-Qnd3do9ycTjZ1bKjzYgThW_BWx7SDKKDU2tPffCY-htgDYKlkq1cK9Afws-hCBindoTf21I/s640/DSC03038.JPG) |
දේවස්ථානයේ පිහිටි සුසාන භුමිය. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkVbbc1w7VPf7nqGxY2SFYXTJU7bRcjvu5txv_r6sPR6DEutrCU2L1kOrC4BY04ogMzhg2blVHuScFAKsN8DMiLkHeBZeMGb1AJZWXeKI-airKcmIVOAdLa_PXaaCESkgIl7B9GNzSkd8/s640/DSC03039.JPG) |
කළුගලෙන් නිර්මාණය කල දේවස්ථානය. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjs7BFTsRjSENVdEiLCozJAgGdEctjKJkyz-J_po6ksKBbTBF0LENHuLuHdZskjxduuFLo7frc_zmVO10_IjayPqcE-k1yN4Eq3uokKrYaLrawVUVrPiQQec3Dbi6r9YEcPqq2NABrMUlA/s640/DSC03041.JPG) |
දේවස්ථාන භූමියට පෙනෙන කාසල්රි ජලාශය. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3l4S8daYheQF4N1anr_sKzjcO74O5ZHHGD2kW68tqwINK0O0m_fd7oKWTRgBwzNef2JvDMTTGX1vFZCMNpFEu-WAE1Q8pfqcv4teN3wBo_5M6k6coMl9PnBa5OOy2n9OXYad5vTGDGF8/s640/DSC03044.JPG) |
කළුගලෙන් නිර්මාණය කල දේවස්ථානය. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgY-5-3Op-v-zWjTdmR0W_bFZhSFL0cUGvzQrkm0kTbc6AQcMKRIRZSOo2kGoypaf8UdXVKXCMRMyrbQvm57AN4S3joj4pIou4GLHHg-7GlA5GIqpaKlAGTiWywubHRgOi9X5t53J8Agdo/s640/DSC03052.JPG) |
දේවස්ථානයේ පිහිටි සුසාන භුමිය. |