දිනය : 2017-09-02
ස්ථානය : උණු දිය ලිං - මහඔය.
ගුගල් සිතියම් පිහිටීම : 7.552140, 81.352873
මෙතන උණුදිය ලිං හතක් තියෙනවා, ඒ හතේ තියන වතුර වල උෂ්ණත්වය එකින් එකට වෙනස්. ලිං හතෙන් උෂ්ණත්වය වැඩිම ලිදේ වතුර සෙල්සියස් අංශක 60ක් විතර වෙනවා. මේ නිසා මේ ලිං 7න් දෙකකින් වගේ තමයි කෙලින්ම වතුර අරන් නාන්න පුළුවන් වෙන්නේ අනිත් ඒවගේ වතුර ගොඩක්ම රස්නේ වැඩි. මොකද සමහර සමේ රෝගවලට මෙම උණුදිය නෑම ගුණයි කියලා විශ්වාස කරනවා, ඒක නිසා මේ ලිං වලින් උණු ජලය නාන කට්ටිය දකින්න පුළුවන්.
පවුලේ කට්ටියත් එක්ක පොළොන්නරු යන ගමනක් අතරතුරදී තමයි මේ කියන උණු දිය ලිං බලන්න ගියේ. අපි මාතර ඉදන් යන නිසා ටිකක් වෙනස් පාරකින් පොළොන්නරු යන්න කල්පනා කරා එහෙම යනකොට තමයි අපිට මේ උණුදිය උල්පත් බලන්න පුළුවන් වුනේ. අපි පොළොන්නරු ගියේ මාතර -> රන්න -> සුරියවැව -> තණමල්විල -> වැල්ලවාය -> බුත්තල -> හුලන්දාව -> බිබිල -> පදියතලාව -> මහඔය -> මනම්පිටිය -> පොළොන්නරුව.
මේ උණුදිය ලිං වලට මහඔය හන්දියෙන් වමට මනම්පිටිය පාරට හැරිලා කිලෝමීටර් 2ක් විතර ගියාම දකුණට හැරෙන්න පොඩි පාරක් තියනවා මෙතන උණුදිය උල්පත් කියලා බෝඩ් එකකුත් ගහලා තියනවා මෙතනින් දකුණට හැරිලා මීටර් 200ක් විතර ගියාම දකුණු අත පැත්තේ තාප්පයක් ගහල වටකරලා තියනවා. මොකද මේ ලිං සංරක්ෂණය කරන්නේ මහඔය ප්‍රාදේශීය සභාවෙන් ඒක නිසා ප්‍රවේශ පත්‍රයක් අරගෙන තමයි ඇතුලට යන්න වෙන්නේ.
ත්‍රස්තවාදී යුද්ධය පැවති කාලයේදී මෙම උණුදිය ලිං නැරබිමේ හැකියාවක් තිබුනේ නැහැ, යුද්ධය අවසාන වුනාට පස්සේ තමයි සාමන්‍ය ජනතාවට මෙම ස්ථනය විවෘත වුනේ. ඉතිං පුළුවන් කමක් තියෙනවනම් ගිහින් බලන්න. පාරවල් ඔක්කොම හොදට කාපට් කරලා තියෙන්නේ, ඒ වගේම මේ පැත්තේ තව බලන්න ගොඩක් දේවලුත් තියනවා. අපි කොහේ ගියත් පරිසර හිතකාමී විදියට ට්‍රැවල් කරන්න පුරුදු වෙමු.
![]() |
ප්‍රවේශපත් ගාස්තු. |
![]() |
මේ රවුමට තියෙන්නේ උණුදිය ලිං හතරැස්වට තියෙන්නේ බෙහෙත් කොළ වර්ග දාලා උණුවතුර දාලා නාන කට්ටියට නාගන්න පුළුවන් විදියට හදපු ටැංකි. |
![]() |
පේනවනේ බුබුළු දදා උණු වෙන වතුර. |